Sri Lanka
June 19, 2013  03:14:AM

හොර නෝට්ටුවෙන් ඉන්ධන ගත් යතුරුපැදිකරු මාට්ටු

September 23, 2012  02:05 pm

Bookmark and Share
ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටුවක් ළඟ තබාගත් පුද්ගලයෙකු තලාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

තලාව නගරයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හලෙන් යතුරු පැදියට ඉන්ධන ලබාගෙන මොහු ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුව එහි සේවකයෙකුට ලබා දී තිබේ.

එම නෝට්ටුව පිළිබඳව සැක සිතූ සේවකයා ‍ඒ පිළිබඳ තලාව පොලිසියට දැනුම් දී ඇති අතර පසුව තලාව පොලිසියේ නිලධාරින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

තලාව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 

Most Viewed video Stories

Copyright © 2012/13 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal.