Sri Lanka
May 26, 2013  06:48:AM

අවතැන් වූවන් පදිංචි කිරීම අවසන්

September 23, 2012  11:48 am

Bookmark and Share
උතුරේ අවතැන් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු එළඹෙන අඟහරුවාදා දිනය වන විට අවසන් කිරීමට බලාපාරොත්තු වන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි.

අවසන් මානූෂීය මෙහෙයුම පැවති සමයේ දී රජයේ පාලන ප්‍රදේශයට පැමිණ සහන ගම්මානවල සිටි ලක්ෂ 3කට ආසන්න ජනතාවක් ඒ අනුව යළි පදිංචි කරවීමේ කටයුතු සිදුකර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

එලෙස අවතැන්ව සිටි පවුල් 300කට ආසන්න පුද්ගලයින් පිරිසක් තවමත් සිටින අතර එම පිරිස ද එළඹෙන අඟහරුවාදා දිනයේ මුලතිව් දිස්ත්‍රීක්කයේ ඔවුන්ගේ මුල් ගම්බිම්වල යළි පදිංචි කරවීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.

ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් මෙන්ම වියළි ආහාර ද සැපයීමට කටයුතු කරන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සඳහන් කළේය.

එල්.ටි.ටි.ඊ.ය විසින් වළදමා තිබු බිම්බෝම්බ ඉවත් කිරීමෙන් අනතුරුව මෙම යළි පදිංචි කිරීමේ කටයුතු ක්‍රමානුකූලව වසර 03ක් වැනි කාලයක් තුළ අවසන් කිරිමට හැකි වු බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 

Most Viewed video Stories

Copyright © 2012/13 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal.