Sri Lanka
May 26, 2013  05:51:AM

හෙට එන්න ආචාර්යවරුන් බෑ කියයි

September 23, 2012  10:23 am

Bookmark and Share
උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් හෙට (24) දිනයේ පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගී නොවන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කරන තුරු කිසිදු රාජකාරී කටයුත්තකට සහභාගී නොවන බව එම සම්මේලනයේ ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කළේය.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ආරාධනය කර තිබේ.

කෙසේ‍ වෙතත් එම ආරාධනය පිළිනොගන්නා බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවත් ටෙරන්ස් මධුජිත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 

Most Viewed video Stories

Copyright © 2012/13 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal.