හෙට එන්න ආචාර්යවරුන් බෑ කියයි

September 23, 2012   10:23 am

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් හෙට (24) දිනයේ පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගී නොවන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කරන තුරු කිසිදු රාජකාරී කටයුත්තකට සහභාගී නොවන බව එම සම්මේලනයේ ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කළේය.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ආරාධනය කර තිබේ.

කෙසේ‍ වෙතත් එම ආරාධනය පිළිනොගන්නා බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවත් ටෙරන්ස් මධුජිත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය