වැලි ගොඩට ගෙනා 23ක් දැලේ
September 23, 2012 10:08 am
මාන්කුලම්, පණික්කන්කුලම් ප්‍රදේශයේ වැව් ඉවුරක වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාන්කුලම්, පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
මෙම සැකකරුවන් කිලිනොච්චිය, මාන්කුලම්, තිරුක්කණ්ඩි, යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී වැලි ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ට්‍රැක්ටර් 11ක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මාන්කුලමි පොලිසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.