කොදෙව්වන්ට එරෙහි තරගයේ ජය කැන්ගරුවන්ට
September 23, 2012 09:04 am
පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 17ක ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.
ඊයේ (22) පැවැති එම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වීම ඊට හේතුවය.
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලූ 8ක් දැවී ලකුණු 191ක් ලබා ගන්නා ලදී.
එහිදී ක‍්‍රිස්ගේල් ලකුණු 54ක් ලබාගත් අතර මාලන් සැමුවෙල්ස් ලකුණු 50ක් ලබාගත්තේය.
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඔස්ට්‍රේලියාව පන්දුවාර 9.1 තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 100ක් ලබා සිටි අතර නැවත තරගය ආරම්භ කිරීමට නොහැකි වීම නිසා ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ඔවුන්ට ජය හිමිවිය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වු ෂේන් වොට්සන් පන්දු 24කදී ලකුණු 41ක් ලබා ගත්තේය.