මහ ඇමති පත්කරන්නේ ජනපති - මාධ්‍ය ප්‍රකාශ බෑ - දෙපාර්ශවය නිහඬ විය යුතුයි - මෛත්‍රිපාල

September 23, 2012   08:17 am

උතුරු මැද ප්‍රධාන අමාත්‍යවරයා පත් කිරීමේ අවසන් තීරණය සතු වන්නේ ජනාධිපතිවරයා අත බැවින් මීට මැදිහත්වී සිටින දෙපාර්ශවය වහාම එම සංවාදය නතර කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එම දෙපාර්ශවය නිශ්ශබ්ද විය යුතු බවත් පක්ෂ විනයට ගරු කළ යුතු බවත් එසේම මාධ්‍යයට ප්‍රකාශ ලබාදීමෙන් වැළකි සිටිය යුතු බවද ඔහු අවධාරණය කරයි.

මේ අතර උතුරු මැද සහ සබරගමුව පළාත් සභා සඳහා ප්‍රධාන අමාත්‍යවරුන් පත් කිරීම පිළිබඳ කමිටු නිර්දේශ අද ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.

ප්‍රධාන අමාත්‍යවරු සහ සෙසු අමාත්‍යවරු පත්කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ කමිටුවකට දන්වා තිබුණි.