සයුරෙන් එතෙර

පකිස්තාන පුවත්පත් ඇෆ්ගනිස්ථානයට තහනම්

September 22, 2012   04:39 pm

පකිස්තානය විසින් නිකුත් කරනු ලබන සියලූම පුවත්පත් ඇෆ්ගනිස්ථානය තුළ අලෙවි කිරීම තහනම් කර තිබේ.

පකිස්තානයේ පළවන පුවත්පත්වලින් තලෙයිබාන් සංවිධානයට පක්ෂපාතී වන ආකාරයෙන් ප‍්‍රවෘත්ති පළකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇෆ්ගනිස්ථාන රජය සඳහන් කළේය.

පාකිස්ථානයේ පළවන පුවත්පත් තලෙයිබාන් ප‍්‍රකාශකවරයාගේ ප‍්‍රචාරක කටයුතු සිදුකරණ ප‍්‍රධාන මාධ්‍යයක් බවට පත්ව ඇති බව ඇෆ්ගනිස්ථාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබේ.

ඒ අනුව දැනට ඇෆ්ගනිස්ථානය තුල අලෙවිය සඳහා ඇති පාකිස්තාන පුවත්පත් සියල්ල රාජසන්තක කරන ලෙස ද ඇෆ්ගනිස්ථාන බලධාරීන් පොලිසියට උපදෙස් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර පාකිස්ථාන පුවත්පත් හේතුවෙන් දෙරට අතර ගැටලුකාරී තත්ත්වයක් ඉදිරියේ දී හටගනු ඇති බව විචාරකයින් පෙන්වා දෙන්නේය.