මනුෂ්‍ය ඝාතකයින් 3ක් අත්අඩංගුවට

September 22, 2012   12:49 pm

මනුෂ්‍ය ඝාතන 3 ක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් තිදෙනෙකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව, මිරිහාන සහ මිහින්තලය යන ප‍්‍රදේශවල දී අදාළ සැකකරුවන් අත්අඩංගුව ගෙන ඇති බව සඳහන්ය.

මොවුන් සතුව තිබී ගිනි අවි සහ උණ්ඩ තොගයක් ද ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබේ.