පරිපාලන සේවයට අලුතින් 300ක්

September 22, 2012   09:39 am

ශී‍්‍ර ලංකා පරිපාලන සේවය සඳහා නවක නිලධාරීන් 300 දෙනෙකුට පත්වීම් ලබාදෙන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ලබන සඳුදා මෙම පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම සිදුකරන බව එම අමාත්‍යංශය පවසන්නේය.

2010 වසරේ පැවැත් වූ පරිපාලන විභාගයෙන් සමත්ව ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පුහුණුව ලැබූ 88 දෙනෙකු සහකාර ප‍්‍රාදේශීය ලේකම්වරු වශයෙන් පත්කෙරෙන බව සඳහන්ය.

පරිපාලන සේවයේ පත්වීම් ලබන පිරිස උතුරු, නැගෙනහිර පළාත්වල සේවයට අනුයුක්ත කෙරෙන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.