ඉ - ස්වාභිමානී 2012 ඉ- සමාජ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය

September 21, 2012   03:13 pm

ඉ - ස්වාභිමානී 2012 ඉ- සමාජ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය සදහා නාම යෝජනා බාර ගැනීම ආරම්භ කර තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

ඉ - රාජ්‍ය හා ආයතනයන්, ඉ - අධ්‍යාපන හා ඉගෙනුම්, ඉ - සංස්කෘතික හා උරුමයන්, ඉ - වානිජ්‍ය හා ව්‍යාපාර, ඉ- සෞඛ්‍ය හා පරිසරය, ඉ- විනෝදාංග හා ක්‍රීඩා, ඉ- විද්‍යා හා තාක්ෂණ, ඉ- අන්තර්ග්‍රහණය හා සහභාගිත්වය, ජංගම අන්තර්ගතයන්( m - අන්තර්ගතයන්) යන ක්‍ෂේත්‍ර යටතේ යෙදවුම් හා අන්තර්ගතයන් ඉදිරිපත් කළ යුතුවේ.

මෙම සම්මාන ප්‍රදානය මෙවර පවත්වන්නේ සිව්වන වරට වන බවත් නිර්මාණශීලී තොරතුරු තාක්‍ෂණ අන්තර්ගතයන් හා යෙදවුම් ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන ප්‍රදානයේ අරමුණ බවත් නියෝජිතායතනය පවසයි.

මෙම සම්මාන ප්‍රදානයට පාත්‍ර වන නිර්මාණ කරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාව ද උදාවන බව නියෝජිතායතනය සදහන් කරයි.

නිර්මාණ සදහා නාම යෝජනා ඉදිරිපත් කිරීම ඔක්තෝම්බර් මස 15 වනදායින් අවසන්වේ.

www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීවෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකිවේ.