සයුරෙන් එතෙර

සින්ඩිගේ ඉල්ලීම අහෝසි වෙයි

September 21, 2012   09:23 am

ලොව පුරා මුස්ලිම් ප්‍රජාව ප්‍රකෝප කරවීමට හේතු වූ ඉස්ලාම් විරෝධී චිත්‍රපටයේ දර්ශන "යූ ටියුබ්" වෙබ් අඩවියෙන් ඉවත් කරන ලෙස චිත්‍රපට නිළියක කළ ඉල්ලීමක් කැලිෆෝනියා අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

අදාළ චිත්‍රපටය වෙනුවෙන් පෙනී සිටි සින්ඩි ලී ගාසියා නැමැති නිළිය ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මරණීය තර්ජන එල්ල වී ඇති බවය.

අදාළ චිත්‍රපටය රඟපෑම සඳහා තමන් ඉදිරිපත් වුයේ එහි මුස්ලිම් විරෝධී අන්තර්ගතයක් ඇති බවට නොදැන බව ඇය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.