පොලීසියට බැට දුන් අයෙකුට වෙඩි

September 21, 2012   09:10 am

අම්බලන්තොට, පහල කඩවල ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

හදිසි ඇමතුම් අංශය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව එම ප්‍රදේශය ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට කිසියම් පිරිසක් විසින් පහරදීමට උත්සහ කර ඇති බව වා‍ර්තා වේ.

පොලිස් නිලධාරියෙකු සතුව තිබූ ගිනි අවියක් පැහැර ගැනීමට ද එම පිරිස උත්සහ කර ඇති අතර එහිදී සිදුවූ වෙඩි තැබීමකින් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇත.

ඔහු හම්බන්තො‍ට මූලික රෝහලට ඇතුළත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.