ගුවන් හමුදාවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

September 20, 2012   05:44 pm

නව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස වින්ග් කමාන්ඩර් ශිරාස් ජල්ඩීන් මහතා පත්කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්ය.

1989 වර්ෂයේ ගුවන් හමුදාවට බැඳුණු ශිරාස් ජල්ඩීන් මහතා 1992 දී අධිකාරිලත් නිලයකට පත්විය.

ඒ අනුව වසර 23 ට ආසන්න සේවා කාලයක් තුළ පළපුරුදු දක්ෂ ගුවන් හමුදා නිලධාරියෙකු ලෙස ජල්ඩීන් මහතා ඉමහත් සේවයක් සිදුකර ඇති බව මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

හෙතෙම කොළඹ වේල්ස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.