හෙරොයින් ප්‍රවාහනයේ යෙදුණු 2 ක් දැලේ

September 20, 2012   03:08 pm

හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කළුබෝවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටි සැකකරුවන් දෙදෙනා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (20) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.