සංජීව බණ්ඩාර 25 තෙක් රිමාන්ඩ්
September 20, 2012 01:29 pm
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා මේ මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
පසුගිය අගෝස්තු මස 29 වන දින පැවති විරෝධතා ව්‍යාපාරයකදී පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කොට පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකිරීම,මහජන දේපළවලට අලාභ හානි සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් මොහුට එරෙහිව ගොනු කර ඇති බව සඳහන්ය.
ඊයේ දිනයේ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණු අතර එය අවසානයේ බස් රථයක ගමන් කරමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සැරසුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට හා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයට එරෙහිව ජනතාව අපහසුතාවට පත්වන අයුරින් හා මාර්ග අවහිර වන සේ විරෝධතා පැවැත්විය නොහැකි බවට පොලීසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කල්වේලා ඇතිව වාරණ නියෝගයක් ලබාගෙන තිබුණි.
ඒ අනුව මින් ඉදිරියට කොළඹ,කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණය කළ හැකි වුවත් එය එතැනට පමණක් සීමාවිය යුතු බව හා මාර්ග අවහිර වන සේ විරෝධතා පැවැත්විය නොහැකි බවත් මෙම වාරණ නියෝගයේ සඳහන්ව ඇති බව ඒ පිළිබඳ අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා ඊයේ දිනයේ කියා සිටියේය.