සොලීගල කන්ද රක්ෂිත දැවෙයි

September 20, 2012   11:23 am

බදුල්ල, මීගහකිවුල, සොලීගල කන්ද රක්ෂිත ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබේ.

ඊයේ (19) රාත්‍රී හටගත් ගින්න මේ වන විටත් පැතිරෙමින් තිබෙන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ගින්න හේතුවෙන් මේ වනවිට අක්කර 20 ක පමණ කැලෑ ප්‍රදේශයකට හානි සිදුව ඇති බව සඳහන්ය.

බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව අද දෙරණ වාර්තාකරු පැවසීය.