නාවික සෙබළුන් සංඥා යන්ත්‍ර පන්නලා

September 20, 2012   11:21 am

මෝදර ධීවර වරායේ රඳවා තිබූ බෝට්ටු 05 ක සංඥා යන්ත්‍ර සොරකම් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු කොළඹ වරාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සංඥා යන්ත්‍ර සොරකම් කිරීම සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අනවසර සංක්‍රමණිකයින් රැගෙන යමින් සිටිය දී නාවික හමුදා භාරයට ගත් යාත්‍රා 5 ක් අධිකරණ නියෝග මත මෝදර ධීවර වරායේ ආරක්ෂිතව රඳවා තිබිණි.

එම යාත්‍රාවල සංඥා යන්ත්‍ර මෙසේ සොරකම් කර ඇති අතර ඒවායේ වටිනාකම රුපියක් දශ ලක්ෂයක් පමණ වන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ‍‍යෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී සොරකම් කරන ලද සංඥා යන්ත්‍ර දෙකක් පොලීසිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් අද (20) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.