හෙරොයින් සමඟ අයෙකු දැලේ

September 20, 2012   10:21 am

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකු ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 59 මිලිග්‍රෑම් 540 ක් සොයාගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.