තෙවන තරඟයේ ලකුණු 23 කින් ඉන්දියාවට ජය
September 20, 2012 09:06 am
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තෙවන තරඟය ලකුණු 23 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (19) සමත්විණි.
තරඟයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නේය.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 159 ක් රැස් කිරීමට සමත්විය.
ඉන්දීය ඉණිම වෙනුවෙන් විරාජ් කෝලි ලකුණු 50 ක් සහ සුරේෂ් රයිනා ලකුණු 38 ක් ලබා ගත්හ.
පිළිතුරු ඉණිම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 19 කුත් පන්දු 3 ක් තුළ සියළු ක්‍රීඩකයන් දැවී ලබා ගත්තේ ලකුණු 136 ක් පමණයි.
පන්දු යැවීමේ දී යුවරාජ් සිං සහ ලක්ෂ්මිපති බාලජි කඩුලු 3 බැගින් බිඳහෙළීය.