අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට
September 19, 2012 05:35 pm
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අද දෙරණට කියා සිටියේය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද දහවල් කොළඹ,කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.
කෙසේ වෙතත් ජනතාව අපහසුතාවට පත්වන අයුරින් හා මාර්ග අවහිර වන සේ විරෝධතා පැවැත්විය නොහැකි බවට පොලීසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කල්වේලා ඇතිව වාරණ නියෝගයක් ලබාගෙන තිබුණි.
ඒ අනුව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට හා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයට එරෙහිව මෙම වාරණ නියෝගය අද(19) ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.
මින් ඉදිරියට කොළඹ,කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණය කළ හැකි වුවත් එය එතැනට පමණක් සීමාවිය යුතු බව හා මාර්ග අවහිර වන සේ විරෝධතා පැවැත්විය නොහැකි බවත් මෙම වාරණ නියෝගයේ සඳහන්ව ඇති බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.