අන්තරේට එරෙහිව වාරණ නියෝගයක්

September 19, 2012   01:37 pm

ජනතාව අපහසුතාවට පත්වන අයුරින් හා මාර්ග අවහිර වන සේ විරෝධතා පැවැත්විය නොහැකි බවට පොලීසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට හා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයට එරෙහිව මෙම වාරණ නියෝගය අද(19) ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.

මින් ඉදිරියට කොළඹ,කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණය කළ හැකි වුවත් එය එතැනට පමණක් සීමාවිය යුතු බව හා මාර්ග අවහිර වන සේ විරෝධතා පැවැත්විය නොහැකි බවත් මෙම වාරණ නියෝගයේ සඳහන්ව ඇති බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.