සයුරෙන් එතෙර

පිපිරීම් 2 න් පකිස්තානුවන් 10 ක් මරුට

September 19, 2012   09:58 am

පකිස්තානයේ නගර දෙකක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයින් 10 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කරච්චි හි පිහිටි වෙළෙඳපොළක එක් පිපිරීමක් සිදුව ඇති බව පකිස්තානු මාධ්‍ය වාර්තා පවසයි.

එම පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

තවත් පිපිරීමක් කොයිටා හි පිහිටි මුස්ලිම් දේවස්ථානයක් අසල සිදුව ඇති බව සඳහන්ය.

එහිදී පුපුරා ගොස් ඇත්තේ යතුරු පැදියක සවිකරන ලද බෝම්බයකි.