පළාත් සභාව පිහිටුවන්න මුස්ලිම් කොංග්‍රසයේ සහය ආණ්ඩුවට

September 18, 2012   03:10 pm

නැගෙනහිර පළාත් සභාව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජයට සහය පළකරන බව පැවසුවේ යැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ අතර නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස අබ්දූල් මජීඩ් එම් නජීඩ් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ඔහු ත්‍රීකුණාමල දිස්ත්‍රීක්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කර පළාත් සභාවට තේරි පත්ව ඇතැයි සඳහන්ය.