උඩුවාහින්න ගිනි ගනියි

September 18, 2012   11:11 am

වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ ප්‍රදේශවලට අයත් උඩුවාහින්න ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබේ.

ඊ‍යේ (17) රාත්‍රී මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්ය.

මේ වන විට ගින්නෙන් අක්කර 20 ක පමණ ප්‍රදේශ‍යක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පවතින තද සුළං තත්ත්වයත් සමඟ ගින්න පැතිරයාම වැඩි වී ඇතැයි වාර්තා වේ.

ගින්න නිවීම සඳහා පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව කටයුතු කරමින් සිටින බව අද දෙරණ වාර්තාකරු පැවසීය.