කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට

September 18, 2012   10:30 am

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (18) ආරම්භ වේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය ලබන 26 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර මෙවර ප්‍රදර්ශනය සංවිධාන කර ඇත්තේ 14 වන වරටයි.

ප්‍රමුඛ පෙළේ විදේශීය පොත් ප්‍රකාශකයින් ද මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වන අතර මෙවර ප්‍රදර්ශනය වෙළෙඳ කුටි 410 කින් සමන්විත වේ.

ඉන්දියාව, ජපානය, මැලේසියාව එංගලන්තය සහ සිංගප්පූරුව වැනි රටවල ප්‍රධාන පෙළේ පොත් ප්‍රකාශකයින් ද මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වී සිටින බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සඳහන් කළේය.