සෝමාවතිය රක්ෂිතයේ ගින්නක්

September 18, 2012   10:11 am

සෝමාවතිය රක්ෂිතයේ වුල්අඩිපට්ටිය කලිල්මංකඩ ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබේ.

ඊයේ (17) රාත්‍රී මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්ය.

පොලීසිය යුධ හමුදාව, ගුවන් හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව ගින්න නිවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය ‍වී නොමැති බව පුලස්තිපුර පොලීසිය සඳහන් කළේය.