අනුමැතිය හිමිවූ වහාම නීති රීති සංශෝධනය කරනවා

September 18, 2012   09:19 am

පෞද්ගලික ප්‍රවාහනය සඳහා සකස් කර ඇති ජාතික ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය පවසයි.

මේ වන විටත් අදාළ ජාතික ප්‍රතිපත්තිය සකස් කර කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.

කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එය ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට ක්‍රියාත්මක සියලුම පොදු ප්‍රවාහන සේවාවලට අදාළව සකස් කර ඇති මෙම ජාතික ප්‍රතිපත්තිය අමාත්‍යාංශයේ විශේෂ කමිටුවක් විසින් සකස් කර තිබේ.

මෙම ජාතික ප්‍රතිපත්තිය සඳහා කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව මෙරට පෞද්ගලික ප්‍රවාහන සේවයේ පවතින නීති රීති සංශෝධනය කිරීමට ද බලාපොරොත්තු වන බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.