පානීය ජලය නැතැයි උද්ඝෝෂණයේ

September 17, 2012   04:29 pm

මහනුවර පාතදුම්බර මැතිවරණ කොට්ඨාසයේ ගම්මාන කිහිපයක වැසියන් අද (17) දහවල් නවයාලතැන්න ඔර‍ලෝසු කණුව ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරතවිය.

මූනමලේ, රඹුක්පොතහින්න, අලුත්ගම, පරණගම, මණ්ඩාවෙල සහ ‍දොරගමුව යන ප්‍රදේශවල පවුල් සිය ගණනකට පානීය ජල පහසුකම් නොමැතිවීම උද්ඝෝෂණයට හේතුවයි.

තම ජල ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන ලෙස වසර ගණනාවක සිට බලධාරින්ගෙන් ඉල්ලා සිටිය ද කිසිවෙකුත් ඊට මෙතෙක් විසඳුම් ලබාදී නොමැති බව ප්‍රදේශවාසීන් පවසයි.

බවුසර් මඟින් දැනටමත් එම ප්‍රදේශවලට ජලය ලබාදෙන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

මේ අතර මාතලේ මූලික රෝහලේ පිරිසිදු කිරීමේ ඒකකයට තවත් සේවකයෙකු බඳවා ගැනීමට විරෝධය පල කරමින් එම රෝහලේ කණිෂ්ට සේවක මණ්ඩලය අද දහවල් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවිණි.