Back to Top

අක්ෂි තාක්ෂණවේදී උපාධි 115 කට

September 17, 2012  03:42 pm

Bookmark and Share
අක්ෂි තාක්ෂණවේදී ඩිප්ලෝමා උපාධි පාඨමාලාව හැදෑරූ නිලධාරීන් 115 දෙනෙකුට ඊට අදාළ උපාධි පිරිනමා තිබේ.

කොළඹ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ උපාධි පිරිනැමීමේ උත්සවය ඊයේ (16) පැවැත්විණි.

මීට පෙර සාමාන්‍ය සහතික පත්‍ර පාඨමාලාවක් ලෙස පැවති මෙම පාඨමාලාව උපාධි පාඨමාලාවක් ලෙස හැදෑරූ පළමු කණ්ඩායම මෙයයි.

සියලු සෞඛ්‍ය වෘත්තිකයන්ට ඩිප්ලෝමා හා උපාධි සහතික ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ මෙම පාඨමාලාව හැදැරීමට අවස්ථාව ලබාදී ඇත.