ජා ඇල නීති විරෝධි මත්පැන් හලක් වටලයි

September 16, 2012   03:12 pm

ජා ඇල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරමින් තිබු මධ්‍යස්ථානයක් වටලා තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙම වැටලීමේ දී සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

මෙහිදී නීති විරෝධී මත්පැන් කෑන් දෙකක් ද පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ජා ඇල පොලීසියට භාර දී ඇති බව සඳහන්ය.