2015 ඉලක්කය උපත් ලක්ෂයකට මරණ 5යි

September 15, 2012   12:20 pm

අලුතින් උපදින දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා නව ප‍්‍රමිති රැසක් හඳුන්වා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ පවුල් සෞඛ්‍ය කාර්යංශය එක්ව මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කෙරෙන බව සඳහන්ය.

1947 වසරේ දී දරු උපත් ලක්ෂයකට 140 ක් වූ ළදරු මරණ අනුපාතිකය මේ වන විට දරු උපත් ලක්ෂයකට 9.2ක් දක්වා අඩු වී ඇති බව සඳහන් වෙයි.

මෙම වැඩපිළිවෙල යටතේ 2015 වසර වන විට දරු උපත් ලක්ෂයකට ළදරු මරණ අනුපාතිකය 5 ක් දක්වා අඩු කර ගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.