තලවිල හා මඩු බැතිමතුන්ට පැනඩෝල් වෙතින් සහනයක්

September 14, 2012   04:48 pm

ශී‍්‍ර ලාංකිකයින්ගේ වේදනාවට ඉක්මන් සහනය ගෙනදෙන විශ්වාසනීය වේදනා නාශකය වන පැනඩෝල් (පැරසිටමෝල් ග්ලැක්සෝස්මිත්කලයින් හි වෙළඳනාමය) තලවිල හා මඩු මංගල්‍යයට සහභාගි වූ බැතිමතුන්ගේ සුවපහසුව වෙනුවෙන් වැඩසටහන් මාලාවක් කි‍්‍රයාත්මක කරන ලදී. ඒ යටතේ වන්දනාකරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදීම සඳහා වෛද්‍යාධාර හා ප‍්‍රථමාධාර ඇතුළු සේවාවන් ද කි‍්‍රයාවට නංවනු ලැබිණි.

මෙවර තලවිල හා මඩුවන්දනාකරුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 9 ඉක්මවා තිබූ අතර ඔවුන් වෙනුවෙන් දින 03ක් පුරා විශේෂිත සායන හා සෞඛ්‍ය පරීක්ෂාවන් කි‍්‍රයාත්මක කරමින් සෞඛ්‍ය උපදෙස් ලබාදීම හා මග පෙන්වීම පැනඩෝල් අනුග‍්‍රහයෙන් සිදුකරන ලදී. සුදුසුකම් සපිරුණ වෛද්‍ය කණ්ඩයමක් විසින් මෙහෙයවනු ලැබූ එම සෞඛ්‍ය කඳවුරු සියලූ පහසුකම්වලින් සමන්විතව තිබුණි. ගිලන් ඇඳන්, ශ්වසන ආධාරක උපකරණ ඇතුළු නවීන සෞඛ්‍ය උපාංගවලින්ද එම කඳවුරු සමන්විත විය. ඊට අමතරව හදිසි අවස්ථා වෙනුවෙන් ජංගම ප‍්‍රථමාධාර කණ්ඩායම් ද අනුයුක්ත කර තිබුණි.

මෙම සමාජ සත්කාරක සේවාව පිළිබඳ අදහස් දක්වමින් එහි අලෙවි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ‘‘පැනඩෝල් වසර 50කට වැඩි කාලයක සිට ශී‍්‍ර ලාංකික ජනතාවගේ වේදනාවට ඉක්මන් සහනය දෙමින් එය මුළුමනින්ම තුරන් කිරීමට සමත්ව සිටිනවා. සෞඛ්‍ය පහසුකම් නගා සිටුවීම වෙනුවෙන් අපි ආගමික වශයෙන් වැදගත් උත්සව මුල්කර ගනිමින් සෞඛ්‍ය කඳවුරු හා ජනතාවට සහන සේවා කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කළා.’’ යන්නයි.

පසුගිය වසර 10 පුරා විවිධ සංස්කෘතික හා ආගමික උත්සවවලට සහභාගි වු ශ‍්‍රී ලාංකිකයන් දස දහස් ගණනකට පැනඩෝල් විසින් නොමිලේ සහන සපයනු ලැබීය. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය, යාපනය නල්ලූර් උත්සවය, පොසොන් පොහොය සමයේ අනුරාධපුරය, තන්තිරිමලේ හා මිහින්තලේ නගර ආශ‍්‍රිතව සෞඛ්‍ය සේවාවන් කි‍්‍රයාත්මක කරන ලදී.

වසර 50 ක් පුරා ශ‍්‍රී ලාංකීකයන්ගේ විශ්වාසනීය වේදනා නාශකය වු පැනඩෝල්, ජනජීවිතයේ නැතුවම බැරි කොටසක් වී ඇත. පහසුවෙන් භාවිතා කිරීමට හැකිවීමත්, අතුරු අබාධවලින් තොරවීමත් නිසා පැනඩෝල් ශී‍්‍ර ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගෙන සිටියි.