සයුරෙන් එතෙර

ලිබියාවේ අමෙරිකානු තානාපති ඝාතනයේ සැකකරුවන් කිහිපදෙනෙකු දැලේ

September 14, 2012   12:19 pm

ලිබියාවේ බෙන්ගාසී නගරයේ දී අමෙරිකානු තානාපතිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධ පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙන බව ලිබියානු අග්‍රාමාත්‍ය මුස්තාෆා අබු ෂාකුර් ප්‍රකාශ කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

අමෙරිකාව විසින් නිෂ්පාදිත ආගම් විරෝධී චිත්‍රපටයකට විරෝධය පළකරමින් පසුගිය අඟහරුවාදා බෙන්ගාසී නුවර පැවති විරෝධතාවක් අතරතුර දී අමෙරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විණි.

එහිදී තානාපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු මියගියහ.

මේ අතර අදාළ චිත්‍රපටය සම්බන්ධයෙන් මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල දැඩි විරෝධතා හටගෙන තිබේ.