විස්සයි විස්සට පෙර පුහුණු තරගයෙන් ජය ශ්‍රී ලංකාවටයි

September 13, 2012   05:12 pm

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පළමු පුහුණු තරගය ශ්‍රී ලංකව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද පැවැත්විණි.

එන්.සී.සී ක්‍රිඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා කොදෙව් දූපත් කණ්ඩායමට ආරාධනා කළේය.

පන්දුවාර 20 තුළදී කඩුලු 6 ක් දැවී ඔවුන්ට ලබා ගත හැකි වුයේ ලකුණු 132 ක් පමණි.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර ලකුණු 35 කට කඩුලු 2 ක් ද වා ගත් අතර පන්දුවාර 15 පන්දු 4 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 135 ක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිවිය.

ටී.එම් ඩිල්ෂාන් නොදැවී ලකුණු 50 ක් ද මහේල ජයවර්ධන නොදැවී ලකුණු 57 ක් ද රැස් කළහ.