සයුරෙන් එතෙර

ඇඟළුම් කම්හලේ ගින්නට දිවි පිදූවන් 289 දක්වා ඉහළට

September 13, 2012   10:41 am

දකුණු දිග පකිස්තානයේ කරච්චි නුවර පිහිටි ඇඟළුම් කම්හලක හටගත් ගින්නෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 289 දක්වා ඉහළ ගොස් තිබේ.

ගින්නෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කර්මාන්ත ශාලාවේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 40 ක් යොදවා තිබිණි.

මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පකිස්තාන මාධ්‍ය වාර්තා පවසයි.