පැරා ඔලිම්පික් පදක්කමකට හිමිකම් කී ප්‍රදීප් සංජය අද දිවයිනට

September 12, 2012   12:00 pm

2012 ලන්ඩන් පැරා ඔලිම්පික් තරගාවලියේ ප‍්‍රථමවරට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් හිමිකර ගත් ප‍්‍රදීප් සංජය ක‍්‍රීඩකයා අද (12) දිවයිනට පැමිණෙයි.

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට පැරා ඔලිම්පික් තරගාවලියක දී ශ‍්‍රී ලංකාවට පදක්කමක් හිමිකර දීමේ ගෞරවය ලබන්නේ ප‍්‍රදීප් සංජයයි.

පැරා ඔලිම්පික් තරගාවලියේ මීටර 400 ධාවන ඉසව්වේ ටී 46 කාණ්ඩයෙන් හෙතෙම ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

දිවයිනට පැමිණෙන ප‍්‍රදීප් සංජය පිළිගැනීමට ක‍්‍රීඩා අමාත්‍යංශය හා ශ‍්‍රී ලංකා යුධ හමුදාව විශේෂ උත්සවයක් සංවිධානය කර තිබේ.

කටුනායක ගුවන්තොටුපළේ පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව විශේෂ රථ පෙරහැරකින් කොළඹ ක‍්‍රීඩා අමාත්‍යංශ පරිශ‍්‍රය වෙත පැමිණෙන අතර මෙහිදී ද විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වෙනු ඇති.