20/20 තෙවන තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

September 11, 2012   11:16 am

ඔස්ට්‍රේලියා‍ව සහ පකිස්තානය අතර පැවති තෙවන 20/20 තරගය ලකුණු 94 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විණි.

තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්තානය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලබාදිණි.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වොනර් ලකුණු 59 ක් සහ ෂේන් වොට්සන් ලකුණු 47 ක් රැස් කළේය.

පිළිතුරු ඉණිම සඳහා පිටියට පිවිසි පකිස්තානු කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දුවක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු ලබාගත හැකි වුයේ 74 ක් පමණි.

ඒ අනුව තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය දෙකට එකක් ලෙස පකිස්තානය කණ්ඩායම ජය හිමිකර ගත්තේය.