ශ්‍රී ලාංකිකයින්ට Windows 8 upgrade පැකේජයක් ලබාගන්න අවස්ථාවක්

September 11, 2012   10:09 am

ඔක්තොම්බර් මාසයේදී එළි දකින Metro style Windows 8 බලාපොරොත්තුවෙන් සිටින සියලුම පාරිභෝගිකයන්ට විශේෂ වාසියක් සැලසීමට මයික්‍රොසොෆ්ට් කටයුතු යොදා ඇත.

මේ අනුව, 2013 ජනවාරි 31 දක්වා Home Basic හෝ එයට වඩා ඉහළ කාණ්ඩයක Windows 7 මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහා ඇ. ඩොලර් 14.99 ක් වැනි මුදලකට Windows 8 බාගත (download) කරගැනීමට අවශ්‍ය අවකාශය ලබාදීමට මයික්‍රොසොෆ්ට් කටයුතු කරයි. මෙතුළින්, ශ්‍රී ලංකා වරලත් අලෙවි කිරීමේ ජාලය ඔස්සේ මෙය ලබාගන්නා සියලුම දෙනාට Windows 8 එළි දැක්වූ පසු එය ඇ.ඩො. 14.99 කට ලබා ගත හැක. ( එසේ වුවත් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ක්‍රියාත්මක වන අන්තර්ජාලය හරහා කෙරෙන මිලදී ගැනීම්වලට අදාළ බදු නිසා මෙය ඉතා සුළු වශයෙන් වෙනස්වීමට ඉඩ තිබේ) Windows 8 upgrade කිරීම සඳහා ලැබෙන මෙම අවස්ථාව Windows 8 එළිදැක්වීමට අදාළව පරිභෝගිකයන්ට හිමිවෙන සුවිශේෂ වරප්‍රසාද රාශියෙන් මුල්ම එක පමණි.

මෑතකදී එළි දුටු නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 8 ආකෘතිය (preview), මෘදුකාංග ලෝකයේ දැවැන්තයා වන මයික්‍රොසොෆ්ට් තම පාරිභෝගිකයා වෙත ළං කරවන තවත් පියවරකි. මෙතුළින්, Windows 8 සමග එළිදකින නව විශේෂාංග අති විශාල ප්‍රමාණයක් (උදා; start ස්ක්‍රීන් එක අවශ්‍ය අන්දමට වෙනස් කිරීමේ පහසුකම, වැඩි දියුණු කළ මල්ටි මොනිටර් සහය, Windows Store වෙතින් Apps බාගත (download) කර ගැනීමේදී අලුතෙන් එකතු කොට ඇති වෙනස්කම්, අලුත් family safety විශේෂාංග පිළිබඳ නවතම අත්දැකීමක් පාරිභෝගිකයන්ට ලබා ගත හැකිය.

Windows 8 සමග හිමිවන live tiles නිසා ඉතා වේගයෙන් බොහෝ දේ access කිරීමේ හැකියාව පාරිභෝගිකයාට හිමිවේ. මෙහි පවතින personalize කිරීමේ හැකියාව හේතුවෙන් ඊ මේල්, කැලැන්ඩර්, ඡායාරූප, පණිවුඩ යන සියලු දේ සමග යාවත්කාලීන වීමේ හැකියාව පවතින අතර ප්‍රවෘත්ති, ක්‍රීඩා, සිතියම්, කාලගුණය, මූල්‍ය යන අංශවලට අදාළ නවතම Apps සමග සම්බන්ධවීමේ හැකියාව හිමිවේ. මේ සමග පැමිණෙන Internet Explorer 10 අන්තර්ජාලය සමග ඉතා වේගවත් සහ පහසු සම්බන්ධයක් ඇති කිරීමට නිර්මාණය කොට ඇත.

මෙම upgrade කිරීමේ අවස්ථාව සඳහාම වෙන්වුණු www.windowsupgradeoffer.com/srilanka වෙබ් අඩවිය මගින් මෙම දීමනාව සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පාරිභෝගිකයන්ට හිමිවේ. එසේ ලියාපදිංචිවීමත් සමගම එයට අදාළ විස්තර සහිතව තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩයක් පාරිභෝගිකයන් වෙත ලැබෙනු ඇත. Windows 8 එළි දැක්වීමත් සමගම, ප්‍රවර්ධන කේතය (promotion code) සහ මිලදී ගැනීමට අදාළ විස්තර විද්‍යුත් තැපෑලෙන් පාරිභෝගිකයන් වෙත ලැබෙනු ඇත. ඒ සමගම ඔවුන්ට Windows 8 බාගත කර ගැනීමේ හැකියාව හිමිවේ.

මේ සමග මයික්‍රොසොෆ්ට් මගින් අනුමත කරන ලද සාම්‍ය විකුණුම් (retail equivalent) මෘදුකාංග ලබාගැනීම සඳහා අවස්ථාව සමාගම මගින් උදා කරයි. මෙයද Windows 8 සඳහා වන සෙසු retail upgrade මෘදුකාංග සමග සමාන වන අතර multi language user interface වැනි අංග සහිතව පැමිණේ. මෙය කිසිදු ලෙසකින්වත් ‘Windows 8 Ready’ , ‘Windows 8 Compatible’ හෝ එයට සමාන නොවන අතර Windows 8 සහිත පරිගණකයක් සමග ගැලපීමේ අවශ්‍යතාව කිසිදු විටක සඳහන් නොකරයි.

මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ මයික්‍රොසොෆ්ට් වරලත් අලෙවි ජාලය ඔස්සේ පමණක් 2013 වසරේ ජනවාරි 31 වැනිදා දක්වා අලුත් පරිගණක යන්ත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහා පමණක් බල පැවැත්වේ. එමෙන්ම මෙයට පෙර පාවිච්චි නොකරන ලද Windows 7 OEM Certificate of Authenticity (COA) සහතිකයක් තිබීමද අත්‍යවශ්‍ය වේ. තවද 2013 පෙබරවාරි 28 වැනිදාට පෙර මෙම දීමනාව වලංගු කර ගැනීම තුළින් Windows 8 නවතම මෙහෙයුම් පද්ධතිය බාගත කර ගැනීම සිදු කළ යුතුය.

මෙම වරප්‍රසාදය මයික්‍රොසොෆ්ට් පාරිභෝගිකයන්ට සමාගම විසින් පිරිනමනු ලබන ආයෝජන අවස්ථාවකි. Windows 8 preview බාගත කිරීම http://preview.windows.com/srilanka හරහා සිදු කළ හැකි අතර, ප්‍රවර්ධන විස්තර http://windowsupgradeoffer.com/srilanka තුළින් ලබා ගත හැකිය.