මයික්‍රොසොෆ්ට් තම ව්‍යාපාරික සහකරුවන්ගේ විශිෂ්ට ක‍්‍රියාකාරිත්වයන් අගයයි
September 7, 2012 02:08 pm
ඡයා රූ සටහන
මයික්‍රොසොෆ්ට් ශ‍්‍රී ලංකා හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සම්මානයෙන් පිදුම් ලැබූවන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
මයික්‍රොසොෆ්ට් ශ‍්‍රී ලංකා ආයතනයේ ව්‍යාපාරික සහකරුවන්ගේ සමුළුව සහ 2012 සම්මාන උළෙලේදී ‘‘හොඳම බෙදාහරින්නා’’ නාමය හිමිකරගනු ලැබුවේ ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරික ආයතනයක් වන Tech One Global පෞද්ගලික සමාගමයි.
එමෙන්ම බෙදාහැරීමේ නියෝජිත සහ නම්ලත් අලෙවිකරු සම්මානයෙන් ද “Attached at Source” COEM & Tech One පිදුම් ලබන ලදි.
ZILLIONe Technologies සහ Millennium Information Technologies පෞද්ගලික සමාගම යන ආයතන දෙකම ‘‘හොඳම ව්‍යාපාරික සහකරු ’’ යන සම්මානයට පාත‍්‍රවූ Best Partner Led Competitive Win Back සම්මානයෙන් ද Millennium Information Technologies පෞද්ගලික සමාගම පිදුම් ලබන ලදි.
මාලදිවයිනෙහි ප‍්‍රධානතම තොරතුරු තාක්ෂණ සේවා සැපයුම්කරුවකු වන MAXCOM Technologies ‘‘හොඳම බෙදාහරින්නා’’ සම්මානය එහිදී හිමිකරගත්තේය.
MS Technologies පෞද්ගලික සමාගම, ‘‘රාජ්‍ය අංශයේ හොඳම අලෙවිකරු’’ සම්මානය හිමිවිය.
‘‘හොඳම පුහුණු හා අධ්‍යයන සේවා අලෙවිකරු’’ නාමයෙන් NetAssist International පෞද්ගලික සමාගම නම් කරන ලදි.
මෙම සම්මාන උළෙලේ දී විශේෂ ඇගයීම් සම්මාන 03ක් ද පිරිනමන ලදි. Millennium Information Technologies “වසරේ හොඳම ඒකාබද්ධ සන්නිවේදන විසඳුම්” (Unified Communication Solution) සම්මානය දිනා ගන්නා ලදි. "Microsoft Platform Application DevelopmentZ" සම්මානයෙන් IronOne Technologies පෞද්ගලික සමාගම පිදුම් ලද අතර ”ඉහළතම ආදායම් දායකත්වය සහිත COEM සම්මානය Metropolitan Group පෞද්ගලික සමාගමට හිමිවිය.
‘‘හොඳම බෙදාහරින්නා’’ සම්මානයෙන් පිදුම් ලද Tech One Global හි ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී වසන්ත වීරකෝන් මහතා තම ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පවසන ලදි. ‘‘ආරම්භයේ සිටම අපි මයික්‍රොසොෆ්ට් ප‍්‍රධානතම බෙදාහරින්නකු ලෙස කටයුතු කළා. අපි දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ තුළ සාර්ථකත්වයට පත්වීමට මෙම හවුල්කාරිත්වය ඉමහත් පිටිවහලක් වුණා. මයික්‍රොසොෆ්ට් සමග වූ අපගේ දිගුකාලීන හවුල්කාරිත්වය ඉතාමත් අභියෝගාත්මක වූ අතර මෙම සමීප හවුල්කාරිත්වය නිසා සමාගම් දෙකම ඉහළ ප‍්‍රතිලාභ ලබමින් වර්ධනය වන්නට එය රුකුලක් වුණා. මයික්‍රොසොෆ්ට් සමග වැඩ කිරීම ඇත්තෙන්ම හොඳ අත්දැකීමක් ද වුණා’’
මෙම වසරේ අලෙවිකරුවන්ගේ සම්මේලනයේ තවත් වැදගත් අංගයක් වූයේ මෙම වසරේ දියත් කෙරෙන නවතම මයික්‍රොසොෆ්ට් ”ව්‍යාපාරික සහකරුවන්ගේ සම්මාන වැඩසටහන” යි. 2013 අලෙවිකරු සම්මාන Cloud නිෂ්පාදන හඳුන්වාදීමත් සමඟ මයික්‍රොසොෆ්ට් හි සිදු වූ ව්‍යාපාරික වෙනස්කම් හා සමගාමීව පිරිනැමෙන අතර නව අලෙවිකරුවන් කාණ්ඩ සහ විවිධ ව්‍යාපාර කාණ්ඩ ඇගයීම කෙරේ අවධානය යොමු කරයි. නව සම්මාන කාණ්ඩ, අලෙවිකරුවන්ට ඔවුන්ගේ ජයග‍්‍රහනයන් හොඳින් ප‍්‍රදර්ශනය කිරීමේ අවස්ථා උදාකර දෙන අතර අලෙවිකරුවන්ගේ ව්‍යාපාරික දියුණුව මයික්‍රොසොෆ්ට්හි වෙළඳපොළ ඉලක්ක සමග බද්ධ කරවීම ද මෙමගින් සිදුකරයි.
නව සම්මාන පිළිබඳව නිවේදනය කරමින් මයික්‍රොසොෆ්ට් ශ‍්‍රී ලංකා ආයතනයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හා අලෙවිකරුවන්ගේ අංශයේ අධ්‍යක්ෂක පුබුදු බස්නායක මහතා මෙසේ පවසන ලදි. ‘‘අලුතෙන් හඳුන්වාදුන් සම්මාන අතර නව මහා පරිමාණ ව්‍යාපාර කාණ්ඩය සඳහා විකුණුම් විශේෂඥ, මෘදුකාංග සංවර්ධක සම්මානය ඇතුළත් වන අතර, මීට අමතරව Windows 8 ,Windows Phone සඳහා වෙනම සම්මාන ඇතුළත් වෙනවා. 2013 මූල්‍ය වර්ෂයේ දී කුඩා ව්‍යාපාර කාණ්ඩයට ද සම්මාන හිමි වෙනවා.’’
තවද ඔහු නව වසරේ සිට පිරිනැමෙන අලෙවිකරු සම්මානය සහ එම සම්මානයෙ හි නව ලාංඡනය මෙහිදී එළිදක්වන ලදී.