එවරෙඩි ලකී ෆැමිලි අවසන් දිනුම් ඇදීමේදී රුපියල් මිලියනයක් හා සුපිරි තෑගි රැසක්

September 4, 2012   11:51 am

ලොව පුරා පාරිභෝගික විශ්වාසය දිනූ විශිෂ්ට නිපැයුමක් වන එවරෙඩි බැටරි ශ‍්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින, එනජයිසර් ලංකා ලිමිටඩ් ආයතනය විසින් සිය හිතවත් පාරිභෝගිකයන් වෙත රුපියල් මිලියනයක් සහ සුපිරි ඉලෙක්ට්‍රොනික ත්‍යාග රැසක් හිමිකර දෙමින් ‘‘එවරෙඩි ලකී ෆැමිලි’’ තෑගි තරගයේ අවසන් සුපිරි දිනුම් ඇදීම අතිසාර්ථකව පසුගියදා පවත්වනු ලැබිණ.

අවසන් සුපිරි දිනුම් ඇදීමේදී රුපියල් මිලියනය සඳහා හිමිකම් කියන ජයග‍්‍රාහකයන් සිව්දෙනා තෝරා පත් කර ගැනිණ. ප‍්‍රථම ත්‍යාගය රු. 5,00,000 ලෙස මාතර නාලිකා නිරංජලී ගුණවර්ධන මහත්මිය වෙතද, දෙවන ත්‍යාගය රු. 2,50,000 ලෙස අනුරාධපුර එච්.එම්. අයේෂා ඉෂාණි මෙනෙවිය වෙතද, තෙවන ත්‍යාගය 1,50,000 ලෙස ඇහැළියගොඩ ඩබ්ලිව්.ඩී. රොෂාන් එරන්ත ගුණවර්ධන මහතා වෙතද පිරිනැමුණු අතර, සිව්වැනි ත්‍යාගය ලෙස රු. 1,00,000 නාවලපිටියේ එස්. ඇන්තනි මාරි මෙනෙවිය වෙත පිරිනැමිණ.

සතිපතා දිනුම් ඇදීම් හිදී සුදුසුකම් ලත් තරගකරුවන් රැසක් අතුරෙන් කුසපත් ඇදීමෙන් එක් දිනකට ජයග‍්‍රාහකයන් තිදෙනෙකු බැගින් ඩිජිටල් කැමරා, ඩීවීඩී යන්ත‍්‍ර හා ජංගම දුරකතන යන එක් එක් ත්‍යාග කාණ්ඩයන් සදහා ජයග‍්‍රාහකයන් 21 බැගින් ජයග‍්‍රාහකයන් හැට තුන් දෙනෙකු 63 තෝරා ගෙන ඇත. මෙහිදී අයදුම්කරුවන් වෙත කිසිදු සීමා කිරීමකින් තොරව කැමති වාර ගණනක් කාඩ්පත් එවීමේ අවස්ථාව හිමි කර දෙමින් එක් අයෙකුට වැඩි ජයග‍්‍රහණ අවස්ථා නිර්මාණය කරනු ලැබ තිබීම සුවිශේෂත්වයකි.

2012 ජූනි 26 දා සිට ජූලි 24 දක්වා මිල දී ගත් එවරෙඩි පෙන්ටෝච් බැටරි දෙකක පිටුපස ඇති කාඩ්පත් දෙකක්, එනජයිසර් ලංකා වෙත එවීම තරගයට ඇතුළත් වීමේ සුදුසුකම ලෙස ප‍්‍රකාශ කරනු ලැබ තිබිණ.

‘‘එවරෙඩි ලකී ෆැමිලි’’ දිනුම් ඇදීමට අදාළ ප‍්‍රතිඵල දැනුම්දීමේ හා ජයග‍්‍රාහකයන් හඳුන්වාදීමේ මාධ්‍ය හමුව අගෝස්තු 28 දා කොළඹ එක්සෙල් වර්ල්ඩ් හි පාර්ක් පි‍්‍රමියර් උත්සව ශාලාවේදී පවන්වනු ලැබිණ.