ඇෆ්ගනිස්ථානයේ පිපිරීම්වලින් 48 ක් මරුට
August 15, 2012 08:41 am
ඇෆ්ගනිස්ථානයේ සිදු වූ බෝම්බ පිපිරීම් මාලාවකින් පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඇෆ්ගනිස්ථානයේ නිරිත දිග සහ උතුරු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මෙම බෝම්බ පිපිරීම් සිදුව ඇති බව සඳහන්ය.
නිරිත දිග ප්‍රදේශයේ සරාන්ජ් හි සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් 4 කින් පුද්ගලයින් 36 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.
ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේ කුන්දූස් හි සිදුවූ තවත් පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරවලින් තුවාල ලබා ඇති සංඛ්‍යාව 130 කට අධික බව ඇෆ්ගනිස්ථාන බලධාරීන් පවසයි.
මිය ගිය පිරිස් අතර කුඩා ළමුන් ද වන බව සඳහන්ය.