මධ්‍යම පළාතේ වෛද්‍යවරු වැඩවරති
August 4, 2012 01:02 pm
මධ්‍යම පළාතේ සෞඛ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා එම පළාතේ වෛද්‍යවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට පහරදීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගයට එළඹි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේය.
පළාතේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිකුල් සහගත බවත් ඊට විරෝධය පළ කර සියලු රෝහල්වල වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියැලෙන බවත් ඔහු අවධාරණය කරයි.
ඒ අනුව අදාළ අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තුරු එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් කියා සිටියේය.