රක්වානේ බඳින තුවක්කුවක් පත්තුවෙයි

August 4, 2012   10:22 am

රක්වාන කැන්දපොල ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

28 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසන්නේය.

මළසිරුර කහවත්ත රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර රක්වාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකරයි.