වතුර නැතිව ගොවියා විඳින දුකක්
August 1, 2012 01:59 pm
නියඟය හේතුවෙන් වන්නි ප්‍රදේශයේ කුඹූරු අක්කර හතලිස් දහසක් විනාශයට පත්වීමේ අවදානමට ලක්ව ඇති බව උතුරු පළාත් වාරිමාර්ග බලධාරීන් පවසයි.
වව්නියාව දිස්ත්‍රික්කයේ පමණක් කුඹුරු අක්කර එකළොස් දහසක් නියඟයට හසුවී විනාශවීමේ තර්ජනයකට ලක්ව ඇත.
මීට අමතරව වව්නියාව දිස්ත්‍රික්කයේ පිහිටි ලොකු කුඩා වැව් 103 ක් සිදී ගොස් ඇති බවද සඳහන්ය.
වැව් සිදීයාමෙන් ගොවීන්ට තම කුඹුරුවලට ජලය සපයාගත නොහැකි වී ඇති අතර ඔවුන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවද වාර්තා වේ.
කෙසේ වෙතත් ගොවීන් විවිධ ක්‍රමවේද භාවිතා කරමින් ජලය සපයා ගැනීමට ක්‍රියාකරමින් සිටින බව සඳහන්ය.
එහෙත් එම ක්‍රමවේදයන්ගෙන් ජලය සපයා ගැනීමට අධික මුදලක් දැරීමට සිදුවන බව ගොවීන් පවසයි.