හිටපු ICC සභාපති SLCC විශේෂ උපදේශකයෙක් වෙයි

August 1, 2012   10:31 am

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිධුරය දැරූ හරුන් ලෝගාඩ් මහතා අද (01) සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ උපදේශක‍වරයෙකු ලෙස කටයුතු කරනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිධුරයෙන් හරුන් ලෝගාඩ් මහතා පසුගිය ජූනි මස 31 වැනිදා ඉවත්විය.

මෙය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට විශාල පිටුබලයක් වන බව හරුන් ලෝගාඩ් මහතාගේ පත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා පැවසුවේය.

හරුන්‍ ලෝගාඩ් මහතාගේ අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය ශක්තිමත් කිරීම සඳහා ඉවහල් වනු ඇති බව උපාලි ධර්මදාස මහතා පවසයි.