සයුරෙන් එතෙර

ප්‍රංශයේ ගුවන්යානා අනතුරකින් 6 ක් මරුට

July 26, 2012   01:03 pm

ප්‍රංශයේ ගිණිකොනදිග ප්‍රදේශයේ දී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගුවන්යානය කඳුකර ප්‍රදේශයකට කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අනතුරින් යානයේ ගමන්ගත් සියළුදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්ය.

ගුවන් නියමුවන් පුහුණු කිරීමේ කටයුතුවල නිරතවෙමින් සිටිය දී අදාළ යානය මෙසේ අනතුරට ලක්ව ඇත.

අනතුරින් මියගිය අය අතර ගුවන් නියමුවන් සහ ඉංජිනේරුවරු ද වන බව වාර්තා වේ.

කෙසේවෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව එම වාර්තාවල සඳහන්ය .