වසරේ ගතවූ කාලය තුළ හක්ක පටස් නිසා අලි මරණ 20 ක්

May 3, 2012   08:34 am

මේ වසරේ ගතවූ කාලසීමාව තුළ හක්ක පටස් ආහාරයට ගැනීමෙන් සිදුවූ අනතුරුවලින් වන අලී විසිදෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන්ම වයඹ වන ජීවි කලාපයේ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වව්නියාව, මන්නාරම, ත්‍රීකුණාමලය, අනුරාධපුර, ගලෙන්බිඳුනුවැව, හොරොව්පතාන, කැබිතිගොල්ලෑව යන ප්‍රදේශවලින් මෙම වන අලි මරණ වාර්තා වේ.

මෙමගින් වැඩි වශයෙන් මියගොස් ඇත්තේ වන අලී පැටවුන් බව වන ජීවි දෙපාර්තමේන්තුව පවසයි.

ඌරන් ඇල්ලීම සඳහා ජනතාව විසින් හක්ක පටස් යොදා ගන්නා අතර එහි ඇති සුවඳ හේතුවෙන් වන අලීන් ද හක්ක පටස් කෑමට පුරුදු වී සිටියි.

එලෙස ආහාරයට ගන්නා හක්ක පටස් මුඛය තුළ දී පුපුරායාම හේතුවෙන් වන අලි මියයන බව වන ජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.