මහ බැංකුව සංඛ්‍යා දත්ත වෙනස් කරනවා - හර්ෂ ද සිල්වා
April 20, 2012 10:58 am
ඉහළ අගයක් පෙන්වාදීම සඳහා ඒක පුද්ගල ආදායම පිළිබඳ සංඛ්‍යාත්මක දත්තයන් වෙනස්කම්වලට ලක්කිරීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට චෝදනා එල්ල වී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
විශ්වාස කළ නොහැකි අන්දමේ ඉහළ අගයන් නිරූපණය කෙරෙන අයුරින් උපායශීලී ලෙස ඒක පුද්ගල ආදායම ගණනය කිරීම තුළින් රජය ජාත්‍යන්තර සංවිධාන මෙන්ම ශ්‍රී ලංකාව ද නොමග යැවීමට කටයුතු කර ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආර්ථික විද්‍යාඥ හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
ඒක පුද්ගල ආදායම රටේ ආර්ථික සංවර්ධනයේ සාක්ෂියක් ලෙස රජය විසින් නිරූපණය කළ ද යථාර්ථය වන්නේ එය නිර්මාණය කරන ලද ගණනය කිරීමක් බව ද මාධ්‍ය හමුවෙහි අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දී ඇත.
මෙම තත්ත්වය මහ බැංකුවේ ස්වාධීනත්වය අහිමිව එය දැඩිලෙස දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵලයක් බව ද හර්ෂ ද සිල්වා සඳහන් කර ඇති බව ෂින්හුවා සේවය වාර්තා කරයි.
2011 වසරේ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 2836 ක් වූ බවත්, එය ඩොලරයක 110 . 54 ක අගයක් යටතේ කළ ගණනය කිරීමක් බවත් ඔහු පෙන්වා දී ඇති බව එම සේවය පවසයි.
නමුත් එම අගය එම වසරේ ඩොලරයක සාමාන්‍ය අගයට වඩා පහළ අගයක් බවත් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.