හසලක වෙඩිතැබීමක්..කාන්තාවක් මරුට..දෙදෙනකුට තුවාලයි!

March 7, 2012   02:16 pm

මරණයට පත්වූ අදාළ කාන්තාව(ඉහළ ඡායාරූපය), පහරකෑමට ලක්වූ පුද්ගලයෙක්(පහල ඡායාරූපය)

ඡායා රූ-චන්දන උඩුවාවල



හසලක, උඩගල‍්දෙබොක්ක ප්‍රදේශයේ දී සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද උදෑසන 9.30 ට පමණ ඇතිවූ එම සිද්ධියේ දී තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.

කාන්තාවට වෙඩි තැබූ පුද්ගලයා විසින් අනෙක් දෙදෙනාට සිදුකළ පහරදීම් හේතුවෙන් ඔවුන් මෙලෙස තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ හසලක, උඩගල්දෙබොක්කාව ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි කාන්තාවකි.

පහරකෑමෙන් තුවාල ලැබූවන් හසලක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මහියංගණය මූලික රෝහලට මාරු කර යවා තිබේ.