ගණන් කරන්නට ඉඩ නොදුන්නොත් බලාගෙනයි

February 22, 2012   06:30 pm

දීප ව්‍යාප්තව පවත්වන ජන හා නිවාස සංගණනයේ තොරතුරු රැස්කිරී‍මේ කටයුතු පෙබරවාරි මස 27 වැනි දින සිට මාර්තු මස 19 වැනි දින දක්වා ක්‍රියාත්මක බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සුරංජනා විද්‍යාරත්න මහත්මිය කියා සිටියේ අදාළ දිනවල නිවසට පැමිණෙන ගණන් ගන්නා නිලධාරීන්ට ජනතාව විසින් තොරතුරු ලබාදිය යුතු බවයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුරංජනා විද්‍යාරත්න මහත්මිය මෙම අදහස් පළ කළාය.

මේ අතර අදාළ සංගණනයට නිවැරදි තොරතුරු ලබා නොදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බව ද විද්‍යාරත්න මහත්මිය සඳහන් කළාය.